දූෂණ හා වංචා ගැන කඩිනමින් ක්‍රියා කරන්න ඇමතිවරුන් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක්..

දූෂණ හා වංචා සම්බන්ධව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කඩිනම් කරලීම සඳහා දොස්තර රාජිත සේනාරත්න, ඩී.එම්. ස්වාමිනාදන් සහ අජිත් පෙරේරා යන අමාත්‍යවරුන්ගෙන් සැදුම් ලත් කමිටුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා විසින් පත් කර තිබේ. නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්වරයා මෙම කමිටුවේ ලේකම් ධූරය දරනු ඇත.

අද (26) උදෑසන නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්, පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අරලියගහ මන්දිරයට කැඳවා පවත්වන ලද විශේෂ සාකච්ඡාකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

දූෂණ හා වංචා මැඬලීම සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ලබා දී තිබූ වාර්තාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top