එංගලන්තයේ ලෙස්ටර් නගරයේ වෙළෙදසැලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හින්ක්ලි මාර්ගයේ පිහිටි වෙළෙද සැලක සිඳුවූ මෙම පිපිරීම හේතුවෙන් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. කෙසේ වෙතත් මෙය ත්රස්ත ක්රියාවක් නොවන බව ආරක්ෂක අංශ පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.


