උතුරු පළාත් සභාවේ නවක මන්ත්‍රීවරුන් වන එස්.එම්.ඒ. නියාස් සහ සබාරත්නම් කුහදාස් යන දෙදෙනා අද දින දිවුරුම් දීමෙන් අනතුරුව සිය පළමු සභා සැසිවාරයට සහභාගිවූහ.
උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඉමානුවේල් ආර්නල්ඩ් වෙනුවෙන් ටෙලෝ පක්‍ෂයේ මන්ත්‍රීවරයා ලෙස සබාරත්නම් කුහදාස් ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සිටි රයිස් නැමැත්තා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට එස්.එම්.ඒ. නියාස් ද පත්කර තිබේ.