ජාතික ආර්ථීක සභාව මගින් ආර්ථීක පුනර්ජීවනය උදෙසා ඒකාබද්ධ ණය යෝජනා ක්‍රම 100ක පුථල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිඛෙන අතර, ඒ් පිළිබද ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ රාජ්‍ය බැංකු ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (28) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
අමාත්‍යවරුන් වන මංගල සමරවීර, ලක්ෂ්මන් කිරිඇල්ල, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ,මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ජාතික ආර්ථීක සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහත්වරුන් සහ රාජ්‍ය බැංකු සභාපතිවරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරින් මීට එක්ව සිටියහ.