ඉන්දීය රජයේ ආධාර යටතේ වතු ප්‍රජාව සඳහා නිවාස 10 දාහක්…

ඉන්දීය රජයේ ප්‍රදාන යටතේ වැවිලි ප්‍රජාව සඳහා නිවාස 10,000ක් ඉදිකිරීම වෙනුවෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමට ඉදිරියේ දී අත්සන් කිරීමට නියමිතය.

ඒ අනුව මෙම නිවාස 10000 නායයෑම් හා අපදාවලින් බලපෑමට ලක්වූ වතු පවුල් වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබාදෙමින් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එළැඹෙන මාර්තු මාසයේ සිට ඉඩම් හඳුනාගැනීමේ කටයුතු සිදු කෙරේ.

මෙලෙස ඉදිකිරීමට නියමිත එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වනු ඇත.

එමෙන් ම නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්වල වාසය කරන වතුකර ප්‍රජාවට නිවාස 4000ක් ඉදිකිරීම සඳහා ඉන්දියානු රජය විසින් දැනටමත් අරමුදල් ප්‍රදානය කරනු ලැබ ඇත.ඉන් නිවාස 1136ක ඉදිකිරීම් මේ වන විට අවසන්වීමට ආසන්නව පවතී. ඉතිරි නිවාස 2836හි ඉදිකිරීම් කටයුතු 2018 ජනවාරි මාසයේ දී ආරම්භ කොට ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top