අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස හිටියොත් අනිවාර්යයෙන් ටැබ් දෙනවා – අධ්‍යාපන ඇමැති

තමන් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ඉදිරියටත් කටයුතු කළහොත් කෙසේ හෝ පාසැල් දරුවන්ට ටැබ් පරිඝණක ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර සිටියි.

එමෙන්ම තමන් අධ්‍යාපන ක්ෂේත්‍රය සදහා අවශ්‍ය වන යුතුකම් සහ වගකීම් ඉටු කරන බව ද අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පවසා සිටියි.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 ශ්‍රේණියේ සීමිත තරග විභාගයෙන් සමත්වූවන් ඊයේ (28) අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී හමුවූ අවස්ථාවේ අමාත්‍යවරයා විසින් මෙම අදහස් පළකර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top