පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත අද දිවයිනට

පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත, ජෝර්දානයේ මිරෙද් රාද් සෙයිද් අල්-හුසේන් කුමරු, ශ්‍රී ලංකා රජයේ ඇරයුමක් මත, අද (05) දිවයිනට පැමිණේ.

දින තුනක නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන ඔහු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් හමුවීමට ද නියමිතය.

මේ අතර, පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීම පිළිබඳ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා සමග උතුරු පළාතේ ක්ෂේත්‍ර සංචාරයකද නිරත වීමට නියමිත විශේෂ නියෝජිත මිරෙද් අල්-හුසේන් කුමරු එහිදී බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමට නියමිත අතර බිම්බෝම්බ ඉවත් කිරීමේ නියෝජිතායතන මෙන්ම බිම්බෝම්බ වින්දිතයන්ද හමුවීමට නියමිත බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top