අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් මුල්ලිතිව් ප්රදේශයේ පවත්වාගෙන යන සත්යග්රහයට ලබන 8 වනදා වසරක් සම්පූර්ණවීමට නියමිතය. එදින පෙරවරු 10ට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට ද අතුරුදන්වූවන්ගේ ඥාතීන් තීරණය කර තිබේ. මෙම උද්ඝෝෂණයට සියළු පාර්ශවයන් තම සහයෝගය ලබා දෙන්නැයි අතුරුදන්වූවන්ගේ ඥාතීන් ඉල්ලා තිබේ.