නුවර ප්‍රචණ්ඩත්ව ෆේස් බුක් කල්ලියක් විසින් සිඳුකළ ප්‍රචණ්ඩකාරි ක්‍රියාවක්

මහනුවරදී පසුගියදි සිදු වූ සිද්ධිය ෆේස් බුක් කල්ලියක් විසින් සිදු කරන ලද විනාශකාරී ක්‍රියාවක් බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

බලංගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පැවති ක්‍රීඩා භාණ්ඩ බෙදා දීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මේ බව පවසා තිබේ. එහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ,

” එක පේස් බුක් කල්ලියක් විසින් කරන ලද විනාශයක් කියලා ඔයගොල්ලෝ එක්කනෙක්වත් මෙතන විශ්වාස කරන එකක් නෑ..නුවරින් පටන් ගත්ත මේ පේස් බුක් කල්ලියක් මුළු රටේම ව්‍යාප්ත කරලා තියෙන්නේ කීප දෙනෙක්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් …කැමැත්ත වෙනුවෙන් …අවුරුදු 30ක් මේ අනවශ්‍ය ජාතිවාදයක් නිසා දුක් වින්ද ජාතියක් ..ඕගොල්ලොන්ට මේක අරයගේ කඩේ මෙයාගේ කඩේ වද බෙහෙත් තියන කඩේ කියලා වෙන් වෙන්න බැහැ…අපි දැන් ඒකේ වාර්තාව රජයේ රස පරීක්ෂකතුමා අම්පාරට ලබාදීලා තියනවා..හෙට අනිද්දා ඒ රස පරීක්ෂක වාර්තාවෙන් තියන විස්තරේ එළියට දාපුවහම ඔයගොල්ලෝ පුදුම වෙයි ..දැන් නීතිය තදයි ..කිසි කෙනෙකුට ජාතිවාදී වෙන්න බැහැ…අපි ආණ්ඩුවක් හැටියට මොනම හේතුවකටවත් මේ රටේ ජීවත් වෙන කිසිම මනුස්සයෙක්ගේ අයිතිවාසිකම් නැතිවෙන විදියට අපි කටයුතු කරන්න සූදානම් නෑ…”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top