සවූදි අරාබියේදී වෙඩි ප්‍රහාරයකින් ගෘහ සේවිකාවක් මරුට

ආරාබියාවේදී ශ‍්‍රී ලාංකික ගෘහ සේවිකාවක් වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තාවේ. සවූදියේ බුරයිදා ප්‍රදේශයේදී පසුගිය සෙනසුරාදා දින මෙම සිද්ධිය සිඳුව තිබේ.

සෞදි අරාබියානු ජාතිකයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, පසුව සෞදි අරාබියානු ජාතිකයා ද අදාළ ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි වාර්තාවේ.

අදාළ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා මානසික ආබාධයකින් පෙලෙන පුද්ගලයෙකු බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ. සිද්ධියෙන් ප්‍රයන්කා ජයශංකර් නැමැති 42 හැවිරිදි කාන්තාවක් මිය ගොස් තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top