නායාරු ප්‍රදේශයේ අතුරුදන්වූ ධීවරයන් සෙවීමේ කටයුතු තවඳුරටත්..

මුල්ලතිව්, නායාරු ප්‍රදේශයේ මුහුදට ගොස් අතුරුදන්වූ ධීවරයන්ව සෙවීමේ කටයුතුවල සෙසු ධීවරයන් ද යෙදී සිටිති. පසුගිය 12වනදා අළුයම මසුන් ඇල්ලීම සඳහා මුහුදට ගිය ධීවරයන් තිදෙනෙකු අතුරුදන්වී තිබුණි.

හලාවත බංගදෙනියේ පදිංචි මිල්රාජ් මිරෙන්ඩා (51) , එමානුවෙල් මිරෙන්ඩා (48), මිදුරන් මිරෙන්ඩා (24) යන තිදෙනා මෙලස අතුරුදන්වී තිබේ.

අතුරුදන් වූ ධීවරයින් තිදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. නාවික හමුදාව සහ ගුවන් හමුදාව එම කටයුතුවල නිරත වී ඇති බවද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top