මුල්ලතිව්, සෙම්මලයි ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ගිලන් රථයක ගැටී මරුට..

මුලතිව්, සෙම්මලෙයි ප්‍රදේශයේදී රෝගීයෙකු රැගෙන ගිය ගිලන් රථයක ඊයේ (13) රාත්‍රියේ යතුරුපැදියක ගැටීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශවාසීන් අදාළ ගිලන් රථයට පහරදී ඇති බව ද වාර්තාවේ.

අනතුරින් මුලතිව් සෙම්මලෙයි ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කන්දයියා පුවනේන්දිරන් නමැති පුද්ගලයෙකු අදාළ ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින් පසු එම ස්ථානයෙන් පලා ගිය ගිලන් රථයේ රියදුරු පසුව මුල්ලතිව් පොලීසියට භාරවී ඇති බවද පැවැසේ.

මියගිය පුද්ගලයාගේ සිරුර මුලතිව් රෝහලේ තැන්පත් කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top