ජනාධිපති ලේකම් සහ ෆේස්බුක් නියෝජිතයන් අතර සාකච්ඡාවක්..

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන්, ෆේස්බුක් සමාගමේ නියෝජිතයින් සමඟ සාකච්ඡවක් අද (15) දින කොළඹ, ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

ෆේස්බුක් වෙබ් අඩවියට තාවකාලිකව පනවා ඇති වාරණය ඉවත් කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂණය සහ ආවේක්ෂණය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මහනුවර ප්‍රදේශයේ ඇති වූ සිදුවීමෙන් පසුව රජය සමාජ ජාල මාධ්‍ය තාවකාලිකව නතර කර දැමීමට කටයුතු කළ අතර, මේ වන විට වට්ස්අප් සහ වයිබර් සමාජ ජාලා යළි සක්‍රීය කිරීමට රජය පියවර ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top