නිදහස් කුසලාන 20-20 අවසන් තරඟයට ඉන්දිය කණ්ඩායම සුදුසුකම් ලබයි..

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග ඊයේ (14) දින පැවති තරගයෙන් ඉන්දියාවට ලකුණු 17ක ජයක් හිමිවිය. ඒ අනුව ලබන 18 වනදා පැවැත්වෙන අවසන් මහා තරගයට ඉන්දියාව අද සුදුසුකම් ලබා ගෙන තිබේ.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමේ ඇරයුමෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 176/3 ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශ කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 159/6ක් පමණි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක මීළඟ තරගය හෙට 16වනදා පැවැත්විමට නියමිත අතර, එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top