සමාජ වෙබ් අඩවි තහනම් කිරීමට කිසිඳු අවශ්‍යතාවයක් නැහැ – අගමැති

සමාජ වෙබ් අඩවි තහනම් කිරීමට කිසිඳු අවශ්‍යතාවක් නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කෙසේ වුවද සමාජ වෙබ් අඩවි තුළ වෛරය, ජාතිවාදය සහ වර්ගවාදය පතුරුවන්නන්ට එරෙහිව නව නීති හඳුන්වාදී එවැනි පුද්ගලයින්ට දඩුවම් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ඉසිපතන විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඉදිපතන විද්‍යාලයේ ඉදි කෙරුණු පිහිණුම් තටාකය විවෘත කිරීමට එම විද්‍යාලයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විද්‍යාලයේ සිසුන්ගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. රුපියල් මිලියන 65ක වියදමින් ඉදි කළ පිහිණුම් තටාකය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. විද්‍යාලයීය ආදි ශිෂ්‍යයින්ගේ සහ දෙමාපියන්ගේ සහාය ඇතිව ජාත්‍යන්තර තත්ත්වයෙන් යුතුව මෙම පිහිණුම් තටාකය ඉදිකරනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ සමාජ වෙබ් අඩවි තුළ ඇති ධනාත්මකභාවයෙන් ප්‍රයෝජන ගැනීමට සියලු දෙනා ක්‍රියා කළ යුතු බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top