වඳ බෙහෙත් කතාව සම්පූර්ණයෙන් බොරු – විශේෂඥ වෛද්‍යවරුන්

බටහිර වෛද්‍ය ක්‍රමය අනුව වඳභාවය ඇති කළ හැකි පෙත්තක් සොයා ගෙන නැති බව ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දිකා විජේරත්න මහත්මිය අද (15) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

ආහාර සමඟ වඳ පෙති මිශ්‍ර කිරීමෙන් වඳභාවය ඇති කළ හැකි බවට අනියත බියක් සමාජ වෙබ් අඩවිවල ඇතිව තිබෙන හෙයින් ඒ ගැන සත්‍ය තත්ත්වය පෙන්වා දීම අපේ යුතුකමක්. මේ මතය විද්‍යාත්මක වශයෙන් කිසිදු පදනමක් නැහැ. ඖෂධ පෙති, කුඩු හෝ එන්නත් මගින් කණඩායමක් හෝ ජනවර්ගයක් වඳ බවට පත් කිරීම ප්‍රයෝගිකව කෙසේවත් කළ නොහැකියි.

දැනට පාවිච්චිය සදහා ඇති සියළුම උපත් පාලන පෙති සහ එන්නත් ස්ත්‍රීන්ගේ පාවිච්චිය සදහා පමණක් වන අතර එයින් කෙරෙන්නේ ගැබි ගැනීමේ හැකියාව තාවකාලිකව වැලැක්වීම පමණි. පුරුෂයන්ගේ තාවකාලිකව හෝ වඳ බාවයක් ඇති කළ හැකි උපත් පාලන ගිලින පෙත්තක් දැනට ලොව කිසිම තැනක නොමැත…” යනුවෙන්ද ඇය පැවසුවාය.

මෙම මාධ්‍ය හමුවට ස්වේච්ඡාවෙන් කරුණු දැක්වීම සදහා වෛද්‍යවරු රැසක්ද සහභාගී වී සිටියහ.

– ලංකාදීප –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top