පලයි ප්‍රදේශයේ හමුදා රථයක ගැටී පුද්ගලයෙකු මරුට..

ඊයේ (18) දින පලයි ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයකු බරපතල තුවාල ලබා තිබේ. හමුදාවට අයත් පිකප් වාහනයක් යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිඳුව තිබේ.

යතුරු පැදියේ ගමන් කළ දෙදෙනාගෙන් එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුලත් කර තිබේ. අනතුරින් 29 හැවිරිදි ගුණසීලන් ජෙසින්දන් නැමැති එක් දරු පියෙකු මියගොස් තිබේ. අනතුර සම්බන්‍ධයෙන් පොලීසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top