යලි කිසිදා වාර්ගික ගැටුම් ඇති නොවීමට අගැමතිගෙන් ජාතික වැඩපිලිවෙලක්

මහනුවර සහ අම්පාර ප්‍රදේශවල සිදුවූ අවාසනාවන්ත සිද්ධීන් පිළිබඳ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. සිද්ධීන් සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති නෛතික ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී එවැනි සිද්ධි වළක්වා ගැනීමට ගතයුතු පියවර පිළිබඳවයි මෙහිදී සාකච්ඡා කෙරුණේ.

අමාත්‍යවරුන්, මුස්ලිම් ජනතා නියෝජිතයන් සහ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසකුයි මෙම සාකච්ඡාවට සහභාගි වුණේ. නීතිවිරෝධී ක්‍රියාවල නිරත වූ අය සම්බන්ධයෙන් පොලීසිය ගෙන ඇති පියවර මෙහිදී පැහැදිලි කෙරුණා. මෙතෙක් අධිකරණය හමුවට පමුණුවා නැති චූදිතයන් පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව අනුගමනය කිරීමට අපේක්ෂිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද නියෝජිත පිරිස දැනුවත් කෙරුණා. ඉදිරියේදී මෙවැනි සිද්ධි ඇතිවීම වැළැක්වීමට දීර්ඝකාලීන වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා කඩිනම් සාකච්ඡා වාරයක් සංවිධාන කරන බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ. වන්දි ගෙවීම් කඩිනම් කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමුවුණා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top