පළාත් පාලන ආයතන 340ක් අද පිහිටුවයි..

පෙබරවාරි 10 වැනිදා පැවැති මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 340කට තේරීපත්වූ සභිකයින් 8356 දෙනකුගේ ධුර කාලය අදින් (20) ආරම්භ වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මැතිවරණයේ දී 50%කට වැඩි ඡන්ද සංඛ්‍යාපවක් ලබාගත් කිසියම් පක්ෂයක හෝ කණ්ඩායමක නායකයකු අදාළ පළාත් පාලන ආයතනයේ සභාපති ධුරයට හෝ නගරාධිපති ධුරයට නිතරගයෙන් පත්වන බවත් අදාළ පළාත් පාලන ආයතනයේ මංගල රැස්වීම පැවැත්වෙන දිනය සභාපති හෝ නගරාධිපති විසින් අද තීරණය කරනු ඇති බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.

අමතර ලැයිස්තුවලින් පත්වන සභික සංඛ්‍යාසව අනුව පළාත් පාලන ආයතනවල සභික සංඛ්යාාව 8,356ට වැඩි විය හැකි බවද අමාත්‍යාංශය කියයි.

මැතිවරණයේ දී 50%කට අඩුවෙන් ඡන්ද ලබාගත් පක්ෂ හෝ කණ්ඩායම් අයත් ආයතනවල මංගල රැස්වීම පැවැත්වෙන දිනය පළාත් පාලන කොමසාරිස්වරුන් විසින් තීරණය කරනු ඇතැයිද සියලුම පළාත් පාලන කොමසාරිස්වරුන් ඒ පිළිබඳව තීරණයකට එළඹ ඇතැයිද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ අතර මංගල සභා රැස්වීම පැවැත්වීමට ඉඩ පහසුකම් නොමැති බවට කිසිදු පළාත් පාලන ආයතනයකින් දැනුම් දී නැතැයි පළාත් පාලන අමාත්‍යාංය වැඩිදුරටත් කියයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top