ශ්‍රී ලංකාව පිළිබඳ සමාලෝචන වාර්තාව ජගත් මානව හිමිකම් කවුන්සිලයේදි සම්මත වෙයි..

ඊයේ(19) දිනයේ දී ජිනීවා නුවර පැවති මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයේ දී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ සමාලෝචන පිළිබඳ සම්මත කරගෙන තිබේ.

පසුගිය නොවැම්බර් මාසයේ දී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වාර්තාවේ නිර්දේශ 253කින් 177ක් පිළිගත් බවද ඒහිදී ලංකාව වෙන්වෙන් පොරොන්දු12ක් ද ලබාදීම ද සිදු වූ ඉව ජිනීවා වාර්යතා සදහන් කරයි.

අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීම, නව ත‍්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ක‍්‍රියාත්මක කිරීම, ළමා අයිතිවාසිකම් පිළිබද සම්මුතිය ක‍්‍රියාත්මක කිරීම ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීම සදහා වන ක‍්‍රියාවලියට ශ‍්‍රී ලංකාව ලබා දී ඇති දායකත්වය පිළිබදව එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා විසින් මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කර තිබේ.

පසුගියදා මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ සිද්ධීන් පිළිබඳව මෙන්ම ඊට හේතු වූ කරුණු පිළිබදව ද රවිනාත ආරියසිංහ මහතා විසින් සිය ප‍්‍රකාශයේ දී අදහස් පල කළ අතර ශ‍්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ලබාදෙන සහයෝගය ද අගය කරනු ලැබීය.

මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් හෙට දිනයේ දී ලිඛිත යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top