ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ඇමරිකාව අවධානයෙන්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය ගැන අවධානයෙන් සිටින බව ඇමරිකාව පවසයි. හමුදාව විසින් සිඳුකරන දූෂණ සහ සුළු ජාතිකයන්ට එරෙහි මර්ධන ක්‍රියාවන් සම්බන්‍ධයෙන් චෝදනා රැසක් ඉදිරිපත් වී ඇති බව පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි 37 වන සැසිවාරයට එක්වෙමින් ඇමරිකානු නියෝජිතවරයා මේ බව අවධාරණය කර තිබේ. මානව හිමිකම් උල්ලංඝණය කළ පුද්ගලයන්ට දඞුවම් ලබාදීමටත් අපරාධ ක්‍රියාවලට වගවීම තහවුරු කිරීමටත් ශ්‍රී ලංකාව උනන්දුවිය යුතු බව පවසා තිබේ. සුළු ජාතිකයනගේ ආගමික නිදහස තහවුරු කිරීම අනිවාර්‍ය බවද හෙතෙම පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top