දෙමළ ජාතික සන්ධානයේ අපේක්‍ෂකයන් දිවුරුම් දෙයි..

මෙවර පළාත් පාලන මැතිවරණයදී යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්ක පළාත් පාලන ආයතන සඳහා දෙමළ ජාතික සන්ධානය යටතේ තරඟ කර ජයග්‍රහණය කළ අපේක්ෂකයින් අද දිවුරුම් දී තිබේ.

නල්ලූර් ඉලන්කලයිචර් ශාලාවේදී උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ. සිවඥානම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දිවුරුම් දීමේ උත්සවය පැවැත්වුණි.

පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන මාවයි සේනාදිරාජා, ඊ. සරවණබවන්, සෙල්වම් අඩයිකලනාදන්, දර්මලිංගම් සිද්ධාර්තන් ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන් ඉදිරියේ පළාත් පාලන ආයතන සඳහා තේරීපත්වූ අපේක්‍ෂකයන් දිවුරුම් දුන්හ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top