ෆේස්බුක් හරහා වෛරී ප්‍රකාශ පළ කළ හිටපු හමුදා සෙබළා රිමාන්ඩ්

තම ෆේස්බුක් ගිණුම හරහා ජාතීන් අතර අසමඟිය ඇතිවන ආකාරයෙන් වෛරී ප්‍රකාශ පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

අද(20) දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා සැකකරු ලබන 03 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි හිටපු හමුදා සෙබළෙකු බව සඳහන්ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top