ඉන්දු – ලංකා ජනාධිපති අතර හමුවක්..

maithripala-pranab-mukherjeeදෙදින ඉන්දීය නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතා අතර නිල හමුව ඊයේ (06) පස්වරුවේ පැවැත්විණි.

ඉන්දීය ජනපති නිල නිවස වන රාශ්ඨපතිභවන් වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය ජනාධිපතිතුමා විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබූ අතර අනතුරුව රාජ්‍ය නායක දෙපළ සුහද කථා බහක නිරත විය.

ඉන් අනතුරුව දෙරටේ රාජ්‍ය නායකයින් ද්වි පාර්ශවික සාකච්ඡා සඳහා එක් වූ අතර අතීතයේ සිට පැවතෙන ඉන්දු – ශ‍්‍රී ලංකා සබඳතා ශක්තිමත් බැඳීමකින් ඉදිරියට ගෙන යාම පිළිබඳ එහිදී නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top