නිකවැරටිය ජුම්මා මස්ජිදයට ප්‍රහාරයක්..

dddකුරුණෑගල, නිකවැරටිය ප්‍රදේශයේ ජුම්මා මස්ජිදයට ඊයේ දින රාත්‍රී නාඳුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඊයේ අළුයම 2ට පමණ පෙට්‍රල් සහිත බෝතල් පහකින් මෙලෙස ප්‍රහාරය එල්ල කර ඇති බවත් මේ සම්බන්‍ධයෙන් මුස්ලිම් කොංග්‍රසයේ පළාත් සභා මන්ත්‍රී රිස්වි ජවහර්ෂා අදාළ බළධාරීන්ට දැනුවත් කර ඇති බවද පැවැසේ.

සිද්ධිය සම්බන්‍ධයෙන් අමාත්‍ය රවූෆ් හකීම් මහතාගේ අවධානය යොමු කර ඇති අතර, සිද්ධිය සම්බන්‍ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top