දේශපාලන සිරකරු ආනන්ද සුදාකරන්ව නිදහස් කරන්නැයි ඉල්ලා මන්නාරමේදී අත්සන් ව්‍යාපාරයක්..

දේශපාලන සිරකරුවෙකු වන ආනන්ද සුදාකරන්ව නිදහස් කරන්නැයි ඉල්ලා උතුර නැගෙනහිර පළාත්වල විවිධ සංවිධානවලින් අත්සන් එක්රැස් කිරීමේ කටයුතු සිඳුකරන අතර, අද (24) දින මන්නාරම සමාජ සංවිධාන ඒකාබද්ධව අත්සන් එක්රැස් කිරීමේ වැඩපිළිවලක් ආරම්භ කර තිබේ. මන්නාරම දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය ඉදිරිපිට සහ මන්නාරම රෝහල ඉදිරිපිට මෙලෙස අද දින අත්සන් එක්රැස් කෙරුණි.

දේශපාල සිරකරුවෙකු වන ආනන්ද සුදාකරන්ගේ බිරිඳ පසුගිය 15වනදා ජීවිතක්‍ෂයට පත්වීමෙන් අනතුරුව ඔහුගේ දරුවන් දෙදෙනා අසරණවී සිටිති. මෙවැනි තත්වයකදී එම දරුවන්ගේ අනාගතය ගැන අවධානය යොමු කර ජීවිතාන්තය දක්වා සිරදඞුවම නියමවූ ආනන්ද සුදාකරන්ට ජනාධිපතිවරයා පොදු සමාව යටතේ නිදහස ලබාදිය යුතු යැයි ඉල්ලා මෙලෙස අත්සන් ලබා ගැනීමේ වැඩපිළිවලක් ආරම්භ කර තිබේ.

ඉකුත් ඉල්ලීම් ඇතුලත් අත්සන් වාර්තාව ජනාධිපතිවරයා වෙත යැවීමට ද නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top