රිය අනතුරුවලින් සිසුවෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට

කෑගල්ල හා කුලියාපිටිය ප්‍රදේශ වලදී සිදු වු අනතුරුවලින් පාසල් සිසුවෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කෑගල්ල දික්ඇල්ල ප්‍රදේශයේ බැවුම් සහිත ස්ථානයකදී ත්‍රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළි යාමෙන් සිඳුවූ අනතුරින් බරපතල තුවාල ලැබු ත්‍රී රෝද රථයේ රියදුරු කෑගල්ල රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

මේ අතර කුලියාපිටිය නාරම්මල මාර්ගයේ කිතලව ප්‍රදේශයේදී 17 හැවිරිදි පාසල් සිසුවෙකු පැදවු යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව එය මාර්ගයේ පෙරළිමෙන් ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී බරපතල තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top