විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

බණ්ඩාරගම ගැලනිගම ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ ටී 56 උණ්ඩ 78ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය සිදුකළ වැටලීමකින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු හමුදාව හැර ගිය මතුගම මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව වාර්තාවේ. සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top