රුසියාවේ ඇති වූ ගින්නකින් 37ක් මරුට

රුසියාවේ කෙමෙරොවො නගරයේ සාප්පු සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් 37දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ. ගින්න හේතුවෙන් කුඩා දරුවන් ඇතුළු තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති අතර මියගිය සංඛ්‍යාව බොහෝ සෙයින් ඉහලයා හැකි බවද බලධාරීහු පවසති.

වින්ටර් චෙරි සාප්පු සංකීර්ණයේ ඉහළ මාලයේ ගින්න හටගෙන ඇති අතර, ගින්නට හසුවූ බොහෝදෙනෙකු එහි පිහිටි සිනමා ශාලාවක සිටි අය බව වාර්තාවේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භකර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top