යාපනය, කන්ගසන්තුරයි ප්රධාන මාර්ගයේ මුට්ටාසුකඩයි හංදියේ පිහිටි මුස්ලිම් ජාතිකයෙකුට අයත් වෙළඳසැලකට ඊයේ(25) රාත්රියේ පෙට්රල් බෝම්බ ප්රහාරයක් එල්ල වී තිබේ.
ඊයේ දින රාත්රී 7.30ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් විසින් අදාළ වෙළඳසැලට පෙට්රල් බෝම්බයක් ගසා පලා ගොස් තිබේ. ප්රහාරය හේතුවෙන් වෙළද සැලේ වීදුරු ඇතුළු තවත් භාණ්ඩ ගණනාවකට මෙම ප්රහාරයෙන් හානි සිදුව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය විසින් විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ. මෙම බෝම්බ ප්රහාරය කිසියම් පෞද්ගලික ආරවුලක් මත එල්ල කරණ ලද ප්රහාරයක් බවට පොලීසිය සැක කර තිබේ.

