අගමැතිට එරෙහි විශ්වාසභංගය ගැන ලබන 2 වනදා තීරණය කරනවා – දෙ.ජා.ස.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගැන ලබන 2 වනදා තීරණය කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

දෙමළ ජාතික සන්ධානයට පාර්ලිමෙන්තුවේදී මන්ත්‍රී ධූර 16ක් තිබේ. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම ලබන 2වනදා පැවැත්වීමට නියමිත බව එම පක්‍ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් මෙම විශ්වාසභංගයට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top