බදුරලිය ප්‍රදේශයේ දී ගිනි අවි දෙකක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

බදුරලිය අත්වැල්තොට ප්‍රදේශයේ දී ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය විසින් සිඳුකළ වැටලීමකදී අත්වැල්තොට ප්‍රදේශයේ සැඟව සිටිය දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර පොලීසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ කටයුතු පවත්වාගෙන යන අතර, සැකකරුවන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top