උතුරේ සංවර්ධනයට උතුරේ ජනතාවම බාධාවක් – රාධක්‍රිෂ්ණන්

උතුරේ ජනතාවගේ සංවර්ධනයට උතුරේ ජනතාවම බාධාවක් ලෙස සිටින බවත්, පළමු අදියරයදී 182 දෙනෙකුට පත්වීම් ලබාදිමට විරෝධය පළ කිරීම පිළිගත නොහැකි බව අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසා තිබේ.

උතුරු පළාතේ ස්වේච්ඡා ගුරුවරුන්ට දෙවන අදියරයදී පත්වීම් ලබාදීම සම්බන්‍ධයෙන් ඊයේ දින අධ්‍යාපන අමාත්‍යංශයේදී සාකච්ඡාවක් පැවැත්වුණි. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

‘ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයෙහි පළමු දිස්ත්‍රික්කය ලෙස තිබූ යාපනය දිස්ත්‍රික්කය දැන් පසු බෑමකට ලක්වී තිබෙනවා. එය සංවර්ධනය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත වසර 10ක වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එ් අනුව උතුරු පළාතේ ස්වේච්ඡා ගුරුවරුන්ට පත්වීම් ලබාදීමේ වැඩපිළිවල යටතේ පළමු අදියරයට ස්වෙච්ඡා ගුරුවරුන් 182 දෙනෙකුට පත්වීම් ලිපි ලබාදී තිබෙනවා.

එහි දෙවන අදියරය ලෙස ස්වෙච්ඡා ගුරුවරුන් 494 දෙනෙකුට පත්වීම් ලබාදීම සඳහා වූ සම්මුඛ පරීක්‍ෂණය ලබන අප්‍රේල් මස 19 සහ 20 වනදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. එතෙක් කිසිඳු ප්‍රශ්ණයක් ඇති නොකර පත්වීම් ලබාදීමට සහයෝගය ලබාදිය යුතුයි“ යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top