ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාව අවසන්

විරෝධතා - උද්ඝෝෂණආබාධිත රණවිරුවන් විසින් පවත්වාගෙන ගිය විරෝධතාවය අවසන් කර තිබේ. ආබාධිත රණවිරුන්ටද සේවා විශ්‍රාම වැටුපක් ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට ලබාදීමට රජය තීරණය කර ඇති බව වාර්තාවේ.

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට ඇතුළු වූ විශ්‍රාමික ආබාධිත රණවිරුවන් අතරින් කිහිප දෙනකුට ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළට යාමට අවසර ලබාදී තිබෙන අතර, පෙබරවාරියේ සිට අබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් ලබා දීමට ජනාධිපති ලේකම් කාර්යාල නිලධාරීන් එකඟ වී ඇති බව වාර්තාවේ.

සේවා විශ්‍රාම වැටුපක් ඉල්ලා කොටුව දුම්රියපොල අසල ආබාධිත රණවිරුවන් පිරිසක් ආරම්භ කළ උපවාසයට අදට සතියක කාලයක් ගතවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top