ගිං ගඟේ ගිලී මවක, දියණියක ඇතුළු සිව් දෙනෙක් ජීවිතක්‍ෂයට

හිනිදුම දී ගිං ගඟේ දිය නෑමට ගිය 39 හැවරිදි මවක්, එම මවගේ දියණියක් සහ ඇයගේ යෙහෙළියන් ඇතුළු සිව් දෙනකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින් මිය ගිය මව 39 වන වියේ පසු වන අතර ගැහැනු දරුවන් තිදෙනො ම 14 වැනි වියේ පසු වන සිසුවියෝ බව වාර්තාවේ.

මව සහ දියණිය හිනිඳුම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් දරුවන් දෙදෙනා තංගල්ල හා මාපලගම පදිංචිකාරියන් ය.

හිනිදුම නගරය ආසන්න නුගගල හන්දියේ පිහිටි නිවසට පැමිණි මෙම යෙහෙළියන් දෙදෙනා සමග අම්මාත් දුවත් අද සවස ගිං ගඟේ දිය නෑමට ගොස් මේ අනතුර සිදුව ඇත.

හිනිදුම පොලීසිය විසින් පරීක්ෂණ කටයුතු සිදු කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top