GSP+ ප්‍රගතිය බැලීමට යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායමක් දිවයිනට

2017 මැයි මාසයේ සිට මෙරටට ජි.එස්.පී.ප්ලස් බදු සහනය යළි ලබාදීමට ජාත්‍යාන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ යුරෝපා පාර්ලිමේන්තු කමිටුව තීරණය කර තිබූ අතර ප්‍රගතිය පිළිබදව සොයා බැලීම සදහා එහි සාමාජිකයන් පිරිසක් හෙට (04) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

ලබන 06 වන දින දක්වා මෙරට රැදී සිටින එම කණ්ඩායම ජි.එස්.පි.ප්ලස් සහනය තුළින් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව සොයා බැලීමට නියමිතයි.

අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ව්‍යාපාරිකයන් සහ සිවිල් සංවිධාන ඇතුළු කණ්ඩායම් සමග එම නියෝජිතයින් කොළඹ දී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top