අංගොඩ ලොක්කාගේ ප්‍රධාන සහයකයා අත්අඩංගුවට

පාතාල නායක අංගොඩ ලොක්කාගේ ප්‍රධාන සහයකයා අත්අඩංගුවට ගෙන තිබේ.

අද(03) උදෑසන කොටිකාවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

ඇලවලගේ සරත් කුමාර නොහොත් “චීටි” ලෙස හඳුන්වන 41 හැවිරිදි අදාළ සැකකරු සන්තකයේ තිබී අත්බෝම්බයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.

ඔහු අද සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිතව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top