රජය උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්ණවලට විසඳුමක් ලබාදුන්නේ නැහැ..

දර්මලිංගම් සිද්ධාර්තන් – බුලොට්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලයේදී සිඳු නොවූ අයහපත් සිද්ධීන් වත්මන් පාලනය යටතේ උතුරේ සිඳුවන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී දර්මලිංගම් සිද්ධාර්තන් මහතා පවසයි.

උතුරේ දෙමළ ජනතාව දැන් මුහුණ දෙන ගැටළු සම්බන්‍ධයෙන් විමසූ විට ඔහු මේ බව පවසා තිබේ.

රටේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව දැන් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුතු ආණ්ඩුවකට දෙ.ජා.ස. සහාය ලබාදුන්නා. වසර තුනක් අවසන්වී ඇති නමුත් රජය දෙමළ ජනතාවගේ ප්‍රශ්ණවලට විසඳුමක් ලබාදී නැහැ. කෙසේ වෙතත් රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්‍ධයෙන් වැඩපිළිවලක් ක්‍රියාත්මක කළා නමුත් එම වැඩපිළිවල ගැන ද මෙතෙක් විනිවිද භාවයක් නැහැ.

උතුරේ රැකියා විරහිත ප්‍රශ්ණය උග්‍රවි තිබෙනවා. උපාධිධාරින් විශාල පිරිසක් සිටියත් ඔවුන්ට රැකියා අවස්ථාවන් නැහැ. උතුරේ නිෂ්පාදන කටයුතු සිඳුවන්නේ නැහැ. මෙවැනි තත්වයෙන් උතුරේ ආර්ථිකයට බලපෑමක් එල්ලවී තිබෙනවා.

උතුරේ රැකියා විරහිතව විශාල පිරිසක් සිටින විට, එහි පවතින පුරප්පාඩුවලට පිට පළාත්වල අය බඳවා ගන්නවා. උතුරේ විදුලිය සහ ජල බිල්පත් ලබා දෙන පුද්ගලයන් පවා පිට පළාත්වල පුද්ගලයන්ය. ඔවුන්ට දෙමළ වචනයක් හෝ කතා කර ගැනීමට බැහැ. උතුරේ සිටින දෙමළ ජනතාව ඔවුන් සමඟ ගනු දෙනු කරන්නේ කෙසේ දැයි මදක් සිතා බලන්න. ප්‍රශ්ණ ඇතිවන්නේ මේ හේතු නිසාවෙනි. තවද උතුරේ හමුදා සෙබළුන්ව තවමත් අඩුකර නැහැ. වත්මන් රජය ද පසුගිය රජය කටයුතු කළ ආකාරයෙන්ම කටයුතු කරනවා යැයි දර්මලිංගම් සිද්ධාර්තන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top