වව්නියාවේදී ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

වව්නියාවේ නොච්චිමොට්ටෙයි ප්‍රදේශය්දී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් දෙකක් සමඟ වයස අවුරුදු 54 ක පුද්ගලයෙකු වව්නියාව පොලීසිය මගින් අද දින අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පුද්ගලයා මඩකලපුව කාත්තාන්කුඩි ප්‍රදේශයේ සිට කිළිනොච්චියට පැමිණ බස් රථයකින් ආපසු මඩකලපුව බලා යමින් සිටියදී වව්නියාව නොච්චිමුට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ බස් රථය පරීක්ෂා කළ අවස්ථාවේදීය.

සැකකරුව වව්නියාව දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top