උතුරේ හමුදාව යටතේ පවතින ජනතාවට අයත් ඉඩම් අක්කර දහසක් මෙම වසරේදී යළි ජනතාවට ලබාදීමට නියමිත බව නැවැත පදිංචි කිරීමේ අමාතයංශයෙහි ලේකම් පොන්නයියා සුරේෂ් මහතා පවසයි.
යාපනය, වලිගාමම් උතුර ප්‍රදේශයේ නැවැත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් ලබාදුන් ඉඩම් සහ ලක්‍ෂ අටක වටිනාකමින් යුත් නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකළ නිවාස බෙදාදීමේ උත්සවය අද (5) දින පැවැත්වුණි. එම අවස්ථාවට එක්වෙමින් ලේකම්වරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් පවසා සිටියේ, උතුරේ හමුදාව යටතේ පවතින ජනතාවට අයත් ඉඩම් අක්කර දහසක් මෙම වසරේදී යළි ජනතාවට ලබාදීමට නියමිත අතර, එහිදී පළමු අදියරයට වලිගාමම් උතුර, කට්ටුවාන්, මයිලිටි බටහිර ප්‍රදේශයේ පිහිටි අක්කර 650ක ජනතා ඉඩම් ලබන 16 වනදා ජනතාවට ලබාදීමට නියමිත බව හෙතෙම පවසා තිබේ.