එ.ජා.ප. මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ විශ්වාසභංගය ඉල්ලා අස්කර ගන්නැයි අගමැතිගෙන් උපදෙස්

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන් පිරිසකට හා නියෝජ්‍ය කතානායකවරයාට එරෙහිව භාරදුන් විශ්වාසභංග යෝජනාව ඉවත් කරගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා අදාළ මන්ත්‍රීවරුන්ට දැනුම් දුන් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හා රජයට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ දී ඊට පක්ෂව ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් හය දෙනෙකුට හා නියෝජ්‍ය කතානායකවරයාට එරෙහිව කතානායකවරයාට ඊයේ භාර දුන් විශ්වාසභංග යෝජනාව මෙලෙස ඉවත් කරගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා අදාළ මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බව වාර්තාවේ.

ශ්‍රී.නි.ප. එස්.බී දිසානායක, ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත, චන්දිම වීරක්කොඩි, දයාසිරි ජයසේකර, යන අමාත්‍යවරුන් හා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල යන මහත්වරුන්ට එරෙහිව එ.ජා.ප. පසුපෙල මන්ත්‍රීවරුන් විසින් ඊයේ දින විශ්වාස භංග යෝජනාව භාරදී තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top