අලුත් අවුරුද්ද සඳහා අද සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි..

අලුත් අවුරුදු සමයේ මගී ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවක් අද (07) සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අද සිට ලබන 17 වනදා දක්වා මෙය ක්‍රියාත්මක වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

අද පෙරවරුවේ කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල දක්වාත්, මහව දක්වාත් වායු සමනය කළ මැදිරි සහිත දුම්රිය ඇතුළු විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වන බව සඳහන්ය.

එමෙන්ම කොළඹ කොටුව සිට සහ මරදාන සිට ගාල්ල – මාතර දක්වාත්, කොළඹ කොටුව සිට යාපනය දක්වාත් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි

එළඹෙන 14 වනදා කොළඹ කොටුවේ සිට වේයන්ගොඩ දක්වාත් වේයන්ගොඩ සිට කළුතර දකුණ දක්වාත් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

එළඹෙන 15 වනදා සිට 17 වනදා දක්වා මාතර සිට මරදාන දක්වාත් යාපනය සිට කොළඹ දක්වාත්, බණ්ඩාරවෙල සිට සහ ගාල්ල සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top