මැයි පළවැනිදා නිවාඩුව අවලංගු කිරීමට රජය තීරණය කරයි..

ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි මස පළමු වන දා ලබා දී තිබූ නිවාඩුව අවලංගු කිරීමට රජය තීරණය කර තිබේ.

මැයි දිනය මැයි මස 7 වන දා සැමරීම හේතුවෙන් එම තීරණය ගත් බව ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා පවසා තිබේ.

වෙසක් සතිය හේතුවෙන් මැයි පළමුවනදාට යෙදී තිබෙන මැයි දින රැලි කල් දමන්නැයි මහා සංඝරත්නය කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් රජය මෙම තීරණය ගෙන ඇති අතර, මැයි 7 වන දා රජයේ සහ වෙළෙඳ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ද තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top