තව දින දෙකකින් නව කැබිනට් මණ්ඩලයක්

සංශෝධනයක් ලෙස නොව නව පත්කිරීමක් ලෙස නව කැබිනට් මණ්ඩලයක් ඉදිරි දින දෙක තුළදී දිවුරුම් දීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි.

අද (11) පවත්වන ලද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් මේ බව පවසා සිටින ලදී. නව කැබිනට් මණ්ඩලයක් වුවද බොහෝ අමාත්‍යාංශ වෙනස් නොවන බවත්, පසුගියදා විවාදයට ගැනුනු විශ්වාසභංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව කටයුතු කරන ලද අමාත්‍යවරුන්ට අමාත්‍ය මණ්ඩලයේ තවදුරටත් රැඳි සිටිය නොහැකිය යන ස්ථාවරයේ සිටින බව ද රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top