කිලිනොච්චිය පරිගණක සම්පත් මධ්‍යස්ථානයට සීල් තබයි..

කිලිනොච්චිය මධ්‍යම විදුහල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක වන කලාප අධ්‍යාපන දෙපාර්තුමෙන්තුවට අයත් පරිගණක සම්පත් මධ්‍යස්ථානය කලාප භාර අධ්‍යාපන අධ්‍යක්‍ෂක ජෝන් කුයිරන්ස් මහතා විසින් පසුගිය සතියේ සීල් තැබීමට පියවරගෙන තිබේ. රාත්‍රී කාලයේදී ලයන්ස් කිලබ් සංගමය සිය රැස්වීම්, අවශ්‍යතාවයන් සහ පුද්ගලික් වැඩ කටයුතු සඳහා භාවිතා කිරීම හේතුවෙන් මෙලෙස අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා විසින් සීල් තබා තිබේ.

ඉකුත් පරිගණක සම්පත් මධ්‍යස්ථානය දැනට සම්පූර්ණයෙන් අක්‍රිය වී ඇති නමුත්, මාසික විදුලි බිල සහ අන්තර්ජාල ගෙවීම් සියල්ල කලාප අධ්‍යාපන දෙපාර්තුමෙන්තුව විසින් ගෙවන ලදි. මෙවැනි තත්වයකදී ඉකුත් පරිගණනක සම්පත් මධ්‍යස්ථානය එයට භාරව සිටින පුද්ගලයෙකු විසින් එය සවස් කාලයේදී සහ රාත්‍රීයේදී වෙනත් අවශ්‍යතාවයන් සඳහා භාවිතා කරන බවට කිලිනොච්චිය අධ්‍යාපන අධ්‍යක්‍ෂක කුයිරන්ස් මහතාගේ අවධානයට යොමුකර තිබුණි.

අනතුරුව පසුගිය සතියේ ඉකුත් පරිගණනක සම්පත් මධ්‍යස්ථානයට සීල් තැබීමට කටයුතු කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top