අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංගයට සහාය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය කතානායකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.
සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි ඊයේ (11) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදුන් බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.
කෙසේ නමුත්, ජනාධිපතිවරයාට සහාය ෙදමින් ඉදිරියේ දී පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ අසුන් ගනිමින් ශ්‍රී ලංකා නිඳහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ලෙස පෙනී සිටින බවද එම පිරිස පවසා තිබේ.