අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අලුත් අවුරුදු පණිවිඩය


සොබාදහම සහ මනුෂ්‍යයා අතර පවතින අනොන්‍ය සබැඳියාව අර්ථවත් කරමින්, හිරු ප්‍රමුඛ සොබාදහමට කෘතවේදිත්වය පුද කරන, ජාතික සමඟිය සහෝදරත්වය ඔප් නංවන සූර්ය මංගල්‍යය නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලුත් කර ගන්නට ලැබෙන කදිම අවස්ථාවකි.

වාර්ගික, ආගමික, පක්ෂ පාට භේද පසෙක ලා අප රටේ සැමදෙනා එක්ව සමරනු ලබන ප්‍රමුඛතම ජාතික උත්සවය සිංහල, දමිළ අළුත් අවුරුද්දයි. ජාතිය, ආගම, තරාතිරම කුමක් වුවද සංස්කෘතික විවිධත්වය පිළිගනිමින්, අගයමින්, සියල්ලන් සමඟ සතුටින්, සාමයෙන් දිවි ගෙවීමට මෙම අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කරගනිමු.

චිරාත් කාලයක සිට දේශීය ජන ජීවිතය හා ඒකාත්මිකව පැවත එන අලුත් අවුරුදු සිරිත් විරිත් සඳහා අර්ථවත්ව සහභාගි වෙමින් එම සංස්කෘතික උරුමය අපගේ අනාගත පරපුරට තිළිණ කිරීම සඳහාද මෙය අවස්ථාවක් කරගනිමු.

සමෘද්ධිමත් දේශයක් ගොඩනැංවීම උදෙසා, සාමය, සංහිඳියාව, සහජීවනය වෙනුවෙන් කැප වී කටයුතු කරන, ප්‍රීතිමත්, සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනය කරමි.

රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top