සංහිඳියාවක් ගොඩනැගීම සඳහා සියළු දෙනා එක්ව කටයුතු කළ යුතුයි – විපක්‍ෂ නායක සම්බන්‍ධන්

ආර්. සම්බන්‍ධන් – දෙ.ජා.ස.

(ග්ලෝබල් දෙමළ පුවත් – සිංහල)

සංහිඳියාවක් ගොඩනැගීම සඳහා සියළු දෙනාම එක්ව කටයුතු කළ යුතු බව විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසයි. අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සම්බන්ධන් මහතා මේ බව පවසා තිබේ.

ජනතාව අතර සැබෑ සාමයක් අවබෝධයක් වාර්ගික සමඟියක් හා සංහිඳියාවක් ගොඩනැගීම සඳහා සියළු දෙනාම එක්ව කටයුතු කළ යුතු බව හෙතෙම පවසා තිබේ.

රටක සංවර්ධනය හා අනිකුත් ක්ෂේත්‍රවල ප්‍රගතියක් ඇති කිරීම සඳහා ස්ථිර සාමයක් හා සමඟියක් පැවතීම අත්‍යවශ්‍ය බවත්, ජාතික ගැටලුවට ස්ථිර විසඳුමක් ගෙන දීමට මං පෙත් විවර කෙරෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා ඇති සියලු බාධක හා අභියෝග ජය ගෙන, ජනතාවට ආත්ම අභිමානයෙන් හා ගෞරවයකින් යුතුව ජීවත්වීමේ අයිතිය ලබාදීමට නව වසරේ දී හැකිවේවා යැයි සම්බන්‍ධන් මහතා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top