මහින්දානන්ද අලුත්ගමගේ ඇප මත නිදහස්

ඇප කොන්දේසි සම්පූර්ණ නොකිරීම හේතුවෙන් අද (17) දිනය දක්වා බන්ධනාගාරයට යොමු කෙරුණු හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඇප ලබාදී තිබේ.

කොටුව රෙජිස්ට්‍රාර් විසින් අදාළ ලිය කියවිලි සලකා බලා ඒ මහතාට ඇප ලබා දී තිබේ.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් බලපත්‍රය මේ වන විට මහාධිකරණය හමුවේ පවතින බැවින් ඒ බව ඔප්පු කිරීමට නොහැකිවීම හේතුවෙන් ඒ මහතා ඊයේ දිනයේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

ඒ අනුව අදාළ ලියකියවිලි අද දිනයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොටුව රෙජිස්ට්‍රාර් විසින් අදාළ ලිය කියවිලි සලකා බලා ඒ මහතාට ඇප ලබා දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top