යතුරුපැදි අනතුරකින් හමුදා සෙබලෙකු ජීවිතක්‍ෂයට

මැදිරිගිරිය පොලිස් වසමේ මීගස්වැව ප‍්‍රදේශයෙදී අද (18) සිදු වු යතුරුපැදි අනතුරකින් යුදහමුදා සෙබළෙකු මැදිරිගිරිය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ මහතලාකොළවැව මැදිරිගිරිය පදිංචි දෝවිට මුදියන්සේලාගේ දුලාජ් මදුරංග දිසානායක (22) අවිවාහක අයෙකි.

මිගස්වැව සිට පතොක්වැව දෙසට ධාවනය කරමින් සිටියදී පතොක් වැව පොදු සුසාන භුමිය ආසන්නයේ වංගුව අසන්නයෙදි යතුරුපැදිය අධික වේගයෙන් ධාවනය කිරිම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදු වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top